ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයෙහි විහාරාංගයන් අතර තවත් පෞරාණික අගයක් ඇති විහාරාංගයක් ලෙසට ඓතාහාසික චෛත්‍යය රාජයා හැදින්විය හැකිය . මෙම චෛත්‍යය රාජයා ඉදි කරන ලද කාලවකවානුව පිළිබඳව නිශ්චිත තොරතුරු දක්නට නොමැත . කෙසේ වෙතත් අනුරපුර රජ කල භාතිය රජු දවස හෝ ඊට සමකාලීනව මෙම චෛත්‍යය ඉදි කරන්නට ඇතැයි අනුමාන කල හැක . ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධකයන්ට අනුව මෙම චෛත්‍යය වසර 900 කට වඩා පැරණි බව සඳහන් වේ . මෙම චේතාගරය සහිත චෛත්‍යය ගල් තලාව මතුයෙහි උස් ස්ථානයක ඉදි කර තිබීමද තවත් විශේෂත්වයකි . මහනුවර හෝ ඒ අවට ප්‍රදේශ වල කබොක් ගල් තිබිනු බවට සාධක දැනට සොයා ගෙන නැති නිසා අපට නිගමනය කල හැකි වන්නේ පහතරට ප්‍රදේශයෙන් හෝ වෙනත් ඈත ප්‍රදේශයකින් මෙම ගල් ගෙනැවිත් මෙම චෛත්‍යය රාජයා ඉදි කරන්නට ඇති බවයි . සර්වඥ ධාතූන් නිධන් කර බුම්බුලාකාර හැඩයට අනුව ඉදි කරන ලද මෙම එකොළොස් රියන් චෛත්‍යය රාජ්‍යයාගේ ආරක්ෂාව උදෙසා එතල ලී වලින් කල චේතිඝරයක් ඉදිකර තිබූ බවට සාධක ජනප්‍රවාදයේ එයි . දැව කුළුණු 16 ක් මත ඉදි කරන ලද චේතිගරයක් තිබුණු බවට අද ද එම ගල මතු පිට දක්නට ලැබෙන හතරැස් සිදුරු සාක්ෂි දරයි . චේතිඝරය ක්‍රි . ව . 1680 පමණ කාලය වන විට ගරාවැටී තිබුණු බවට පතපොතේ තොරතුරු හමුවේ . ii වන විමලධර්මසූරිය රජුගේ අනුග්‍රහය ඇතිව පල්කුඹුරේ අත්ථදස්සි හිමියන් විසින් මෙම චේතියඝරය සහ විහාරය පිලිසකර කර ඇති බවට තොරතුරු ජනප්‍රවාදයේ ද තොරතුරු මූලාශයන්හි සඳහන් වේ . ඉන් පසුව නැවත කාලයාගේ ඇවෑමෙන් ලී වලින් කරන ලද චේතායඝරය ගරා වැටෙන්නට ඇත . මහනුවර යුගයේ රජ පැමිණි රජවරුන් වන නරේන්දාසිංහ , ශ්‍රී රාජසිංහ , ශ්‍රී වීරපරාක්‍රම , කීර්ති ශ්‍රී රාජසිංහ , ශ්‍රී රාජාධි රාජසිංහ යන රජවරුන් විසින් වරින් වර ප්‍රතිසංස්කරණය කරමින් පැවත ආ මෙම චේතායඝරය පසුකාලය වන විට අභාවයට යන්නට ඇත . මීට දශක දෙකකට තුනකට පමණ පෙර මෙම චෛත්‍යය රාජයා නටඹුන් තත්වයට පත්ව තිබුනු බව සඳහන් වේ . ගරා වැටෙමින් පැවති මෙම චෛත්‍යය රාජයාට නව ජීවයක් ලබා දී ප්‍රතිසංස්කරණය කර නව ආලෝකයක් ලැබීමට සැලැස්වීමට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය පහමුනේ ශ්‍රී ගුණානන්ද හිමියන් සහ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් ද ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලදි .
මෙම චෛත්‍යය රාජයාගේ හුණු බදාම ආලේප කර නැවත පිලිවකර කර මුල් කාලයේ ලී කුළුණු 16 ක් මත ඉදි කරන ලද ලී වලින් කල චේතියඝරය වේනුවට කුළුණු 08 ක් මත නව චේතියගරයක් ඉදි කරනු ලැබ තිබේ . මෙම නව චේතියගරයේ වහලය කිතුල්රීප්ප යොදා සකසා පෙති උළු වලින් සෙවිලි කර තිබේ . 1885 වර්ශයේ පමණ මෙම චේතියගරය ඉදිකිරීම ආරම්භ කරන ලද අතර , 1990 පමණ වන විට එහි සියළු වැඩ කටයුතු නිම කරවා තිබේ . ශ්‍රී සම්මා සම්බුද්ධ තිලෝගුරු බුදුරදුන්ගේ උත්පත්ති අවසථාවේ සිට මල්වතු විහාරය දක්වා වූ ශාසනික ඉතිහාසික සිතුවම් 33 කට නඟා ඇත .
එනම් :-
01. දඹදිව ලුම්බිණි සල්උයන
02. මාරපරාජය
03. දඹදිව බුද්ධගයාව
04. දම්වක් පැවතුම් සූත්‍ර දේශනාව
05. අභිධර්ම දේශනාව
06. සම්බුද්ධ පරිනිර්වානය
07. මහනුවර ශ්‍රී දළඳා මාලිගාව
08. පොලොන්නරු සෝමාවතී චෛත්‍යය
09. සියම් රටේ මැණික් පිළිම වහන්සේ
10. බුරුමයේ රැංගුන් චෛත්‍යස්ථානය
11. පොලොන්නරුවේ ගල් විහාරය
12. උඩුනුවර ලංකා තිලකය
13. ගඩලාදෙණිය
14. ලෝවාමහාපාය
15. සමාධි පිළිමය
16. ඉසුරුමුණිය
17. සිරිමල්වත්ත රජමහා විහාරස්ථානය
18. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
19. තිස්සමහාරාමය
20. බදුල්ලේ මුතියංගන චෛත්‍යය
21. ශ්‍රී පාදස්ථානය
22. කැලණිය
23.නාඟදීපය
24. මහියංගන චෛත්‍යය
25. මහනුවර මල්වතු විහාරය
26. සේරුවාවිල
27. මිහින්තලා චෛත්‍යය
28. කතරගම කිරිවෙහෙර
29. අභයගිරිය
30. ජේතවනාරාමය
31. ථූපාරාමය
32. රුවන්වැලි මහා සෑය
33. මිරිසවැටිය
බුදුරදුන්ගේ උපතේ සිට අභිධර්ම දේශනාව දක්වා ලෝකයේ වැදගත් බෞද්ධ සිද්ධසථාන ද , සොලොස්මසථානද , ඇතුළුව මල්වතු විහාරය සහ සිරිමල්වත්ත රජමහා විහාරසථානය ද මෙම සිතුවම් වලට නඟා තිබේ . අනෙක් විහාරස්ථාන හා සසඳා බැලීමේ දී සිරිමල්වත්ත විහාරස්ථානයේ තිබෙන මෑත භාගයේ ඉදිකර අලංකාර සිතුවමින් නිමවන ලද චේතියඝරය සහිත චෛත්‍යයට සුවිශේෂ ස්ථානයක් හිමි වේ .
0 Comment::
Post a Comment