සිරිමල්වත්ත විහාරස්ථානයට පිවිසෙන අපට එකවරම නෙත ගැටෙනුයේ අවුරුදු දෙදහස් තුන්සියයක පමණ අතීතයකට උරුමකම් කියන දඹදිව බුද්ධගයාවේ වැඩ විසූ බුදු රජුන්ගේ පහසලත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් හට ගත් ඉපැරණි බෝ සමිඳුන් ය . බෝ සමිඳුන්ගේ ආරක්ශාව උදෙසා ප්‍රාකාර බැම්බක් ඉදිකර ඇත . 1880 පමණ කාලයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ව වැඩ විසූ සියම් මහා නාකායේ මල්වතු පාර්ශවයේ අතිගරු සිරිමල්වත්තේ ශ්‍රී සුමංගල හිමියන් විසින් පූර්ණ වශයෙන් බෝධි බැම්ම ඉදි කරනු ලැබ තිබේ . බෝධි බැම්මේඑක් පසෙකට වන්නට ඇති ගලක් මත මේ පිලිබඳ සඳහන්ක් සටහන්කොට ඇති බව දක්නට ලැබේ
ඉන් පසුව 1979 සිට 1999 වර්ශය දක්වා මෙහි විහාරාධිපතිව වැඩ විසූ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ගුණානන්ද නාහිමියන් කාලයේ බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා අලංකාර රන් වැටක් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරන ලදි . එහෙත් එබ රන් වැටෙහි වැඩ කටයුතු නිම වීමට පෙර මෙම නායක හාමුදුරුවන්ගේ අපවත් වීම නිසා එම ආරක්ෂිත රන් වැටෙහි රන් ආලේප කිරීම තවමත් ප්‍රමාදව ඇති බව පෙනී යයි . වර්තමානයේ අපවත්වී වදාල මල්වතු පාර්ශවයේ අනුනායක පහමුනේ ශ්‍රී ගුණානන්ද හිමියන්ගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය සිරිමල්වත්ත රජමහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාවේ සහභාගීත්වයෙන් රන් වැටෙහි රන් ආලේප කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී . සිරිමල්වත්ත ඓතිහාසික පූජා භූමියෙහි විහාරාංග අතරින් ඉපැරණිම විහාරාංගය වන බෝධීන් වහන්සේ දර්ශනීය ලෙස අතු පතර විහිදුවාගෙන විරාජමානව වැඩ හිඳිමින් තම අභිමානය සැදැහැවත් බෞද්ධ ජනතාවට අදටත් කියා පායි .
0 Comment::
Post a Comment