ඉතාමත් සුන්දර නාහඬ නිසංසල පරිසරයක පිහිටා තිබෙන ශ්රී සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයට සෑහෙන ඉඩකඩ ඇති මනරම් භූමිභාගයක පිහිටා තිබේ . විහාරස්ථානයට ආසන්නව විහාර ඉඩමෙහි කෙළවර පුරාණ සෙල්ලිපියක් ද පිහිටා ඇත . මෙම සෙල්ලිපිය ද මෙම විහාරස්ථානයේ පෞරාණිකත්වයට සාක්ෂි දරණ කැඩපතක් බදුය . ශ්රී සිරිමල්වත්ත රජමහා විහාරයට පැමිණීමට පුරාණයේ සිටද මීට දශක දෙකකට පමණ ඉහත දී ද භාවිතා කරන ලද්දේ ගල්තලාවමතින් ගල් පඩි සහිතව විහාරය දක්වා පැවති මාර්ගයයි . වර්ථමානයේ විහාරස්ථානයට පැමිණීමට තාර දමා සකසන ලද මාර්ගයක් අභිනවයෙන් ඉදි කර ඇත . දුර බැහැර ප්රදේශ වලින් පැමිණෙන බොහෝ දෙනා වැඩි වශයෙන් මෙම මාර්ගයෙන් විහාරස්ථානයට යාමට පෙළඹවී තිබෙනු දක්නට ලැබේ . පුරාණයේ සිට මෙම විහාරස්ථානයට ගල් තලාවමතින් වැටි ඇති මාවත විහාරස්ථානයේ පෞරාණිකත්වය කියාපාන තවත් සාධකයකි .
0 Comment::
Post a Comment